වර්තමානයේදී website එකක් කියන්නෙ ව්‍යාපාරයකට නැතිවම බැරි අංගයක්, එය ඔබගේ ව්‍යාපාරය කුමක් වූවත් නොඑක් ආකාරයෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු පහසු කරනවා වගේම ව්‍යාපාර ප්‍රජාව සමඟ සන්නිවේදනය සඳහා මහත් කාර්යභාරයක් ඉටුකරනු ලබනවා.
ව්‍යාපාරයකට, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට website එකක් ඉතා වැදගත්. අළුත් පාරිභෝගිකයන්ගේ ඇස ගැටීමට, ව්‍යාපාරය පිළිබඳ සමාජය දැනුවත් කිරීමට (Brand Awareness), ව්‍යාපාරයට පිළිගැනීමක් ලබා දීමට (Brand Recognition) සහ විකුණුම් ප්‍රමාණය වැඩි කිරීමට නියමිතව සකස් කරන ලද සහ නිසි ලෙස පවත්වාගෙන යන website එකකින් වර්තමාන තරඟකාර ආර්ථික ලෝකයෙහි දායක වෙනවා. මේ නිසා කවුරුත් Business website එකකට යන්න අවධානය යොමු කරන්න නැඹුරු වෙලා තිබෙනවා.
ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍ය කාරණය තමයි, website එකක් හදන්න කලින් හොඳ සැලසුමක් සහිතව මේ හදන්න යන website එකේ අරමුණ මොකක්ද, කුමන විදිහෙ භාවිතයන් සඳහාද භාවිතා කරන්නෙ කියන කරුණු හදුනාගැනීම.
උදාහරණයක් වශයෙන් ඔබේ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු බෙදාහරින්න, ව්‍යාපාරයේ භාණ්ඩ සේවා ආදිය, ව්‍යාපාරයේ දැක්ම, සැලසුම්, කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු දැන්වීමට.
එයින් එහාට පාරිභෝගිකයන් හෝ පාරිභෝගිකයෙකු වන්නට අදහස් ඇත්තන් සමඟ Contact form එකක් හෝ messaging feature එකක් හරහා හෝ වෙනත් ආකාරයකින් සන්නිවේදනය කරන්න, රැකියා අවස්ථා පවතී නම් ඒවා දැනුම් දෙන්න සහ අයදුම්පත් ලබාගැනීමට හා ඒ ආදී කටයුත්තන් සඳහා.
තවත් සංකීර්ණ භාවිතයන් ලෙස අන්තර්ජාලය හරහා ඔබගේ භාණ්ඩ හා සේවා අලෙවිය සඳහා (E-commerce) සහ තවත් විශේෂ අංගෝපාංගයන් සහිතව සන්නිවේදනය, විකුණුම් හා සේවා ප්‍රවර්ධනය කිරීම ඔබේ අරමුණ අතර විය හැකියි.
තම ව්‍යාපාරයේ ස්වභාවය හා website එකක අරමුණු සහ අංගයන් (Features) පිළිබඳ හොද අධ්‍යනයක් සිදුකර මනා දැක්මක් සහ සැලසුමක් සහිතව පෙර සූදානමක් සහිත වීමෙන් website එකක් ගොඩනගන කෘත්‍යය ඔබටත් ඔබගේ වෙබ් අඩවිය තනන පාර්ශවයටත් ඉතාමත් පහසු කරවයි.
අනෙක් කාරණය ව්‍යාපාරයට ගැලපෙන ඩොමේන් නාමයක් (Domain name) පිළිබඳව තීරණය කිරීම, හොඳ Domain name එකක් තෝරා ගැනීමට උපදෙස්,
- පහසුවෙන් මතකයෙහි තබාගත හැකි, කියවීමට සහ ලිවීමට හැකිවීම
- අක්ෂර 20ක් හෝ ඊට අඩු වීම
උදාරණ:
- luminousware.com(Good domain)
- wearethebestdevelopmentcompany.com (Bad domain)
- තෝරාගැනීමට ඇති විවිධ Domain extensions (.com/ .lk/ .org./ .net etc..) අතරින් හැකිතාක් .com ලෙසින් ඩොමේන් නාමය අවසන් කිරීම.
ඔබ ඉලක්ක කරන ප්‍රජාව ශ්‍රී ලංකාව පමණක්ම නම් සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පවත්වා ගැනීමට අදහස් කරන්නේ නම් .lk වැනි ඩොමේන් එකක් භාවිතා කිරීම ගැටළුවක් නොවේ. (මෙම කරුණ දැඩි ලෙස අදාල වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සඳහා පමණයි)
- ද්විත්ව අක්ෂර සහිත නාමයක් තෝරා ගැනීමෙන් වැලකීම. උදාරණය ලෙස (dresshop.com/ grassstore.com) වැනි නාම type කිරීමේදී වැරදීමට (typo) ඇති ඉඩකඩ වැඩිය. මෙමගින් ඔබගේ නාමය වරදවා ගැනීම සහ එයින් ඔබට අහිමිවන පාරිශීලිකයන් ප්‍රමාණය වැඩිවිය හැක.
- Domain නාමය සඳහා යා ඉරි නැතහොත් hyphens (-) භාවිතයෙන් වැලකීම. මෙමගින්ද type කිරීමේදී ඇතිවන වැරදීම් සහ පාරශීලිකයන් අහිමිවීම වලක්වාගත හැක.
ඔබ වෙබ් අඩවියක් තනා ගැනීමේ සේවාව සඳහා තෝරාගන්නා ආයතනය හෝ පුද්ගලයන් ඉතා හොඳ පළපුරුදු සහ ඔබගේ ව්‍යාපාරය නිවැරදි දිශානතියකට යොමු කිරීමට සමත් නම් ඉහත කාරණා තීරණය කිරීම නිසැකවම ඔබට පහසුවෙනු ඇත.