සුපිරි Domain නාමයක් තෝරාගන්නේ කොහොමද

How to choose an outstanding domain name
Select Language | භාෂාව තෝරන්න

ව්‍යාපාරයකට හෝ සන්නාමයකට වෙබ් අඩවියක් තනාගැනීම වාගේම එයට ගැළපෙනම නාමය තෝරාගැනීම වැදගත්ම කාරනයක්. හොඳ Domain නාමයක් ව්‍යාපාරයකට දීර්ඝ කාලීන අයෝජනයකි. හොඳින් සැලකිලිමත් වී තෝරාගන්නා Domain නාමයක් ව්‍යාපාරයක පළමු සංකල්පනාව (First impression), SEO සහ සන්නාමකරණයේදී (Branding) විශාල ලෙස දායක වේ.

අපි පියවරෙන් පියවර ගොස් සොයා බලමු.

පහසුවෙන් මතකයෙහි තබාගත හැකි, මතකයෙහි තබාගෙන උච්චාරනය කිරීමට සහ ලිවීමට හැකි Domain නාමයක් තෝරාගන්න.

පහසුවෙන් මතක තබාගෙන නිවැරදිව පහසුවෙන් type කිරීමට හැකි ආකාරයේ ඩොමේන් නාමයක් තෝරාගන්න.

අක්ෂර 20ක් හෝ ඊට අඩු වීම

උදාහරණ:
  • luminousware.com -> Less than 20 characters (Good domain)
  • bestwebsitedevelopmentcompany.com -> Not less than 20 characters (Bad domain)

හැකිතාක් .com ලෙසින් Domain නාමය අවසන් කරන්න

සංඛ්‍යාලේඛන වලට අනුව, අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි වලින් 43% කට පමණ ".com" TLD එක යොදාගෙන ඇත. එහෙයින් වඩාත්ම හුරුපුරුදු හා මතක තබා ගැනීමට පහසුම TLD යෙදුම ".com" වේ.

ඔබ ඉලක්ක කරන ප්‍රජාව ශ්‍රී ලංකාව පමණක්ම නම් සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පවත්වා ගැනීමට අදහස් කරන්නේ නම් හෝ අදාළ .com Domain නාමය දැනටමත් වෙනත් පාර්ශවයක් සතුව පවතී නම් ".lk" වැනි TLD Domain එකක් භාවිතා කිරීම අවස්ථාව අනුව උචිත වේ.

.com හැර වෙනත් නාමයකට යා යුතුද?

සාම්ප්‍රදායික නොවන වෙනත් Top-level Domain නාමයක් යොදාගැනීමට අදහස් කරන්නේ නම් එය ඔබගේ ව්‍යාපාරයට හෝ අත්‍යවශ්‍ය කාරණය/අරමුණට ගැලපෙන ලෙසට තෝරාගන්න.

උදාහරණ:

ඔබ සංචාරක කර්මාන්තයට සම්බන්ධ අයෙක් නම්, වෙබ් අඩවිය තැනීමේ අරමුණ ඔබගේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම නම් ඔබට ".travel" යන යෙදුම භාවිතා කල හැක.

  • www.exoticlanka.travel

ද්විත්ව අක්ෂර සහිත නාමයන් තෝරා ගැනීමෙන් වලකින්න.

Domain නාමයක් ගලපන විට පද දෙකක් එකට එකතු කිරීමේදී පළමු වචනයේ අවසාන අක්ෂරයත්, ඊළඟ වචනයේ මුල් අක්ෂරයත් එකම අක්ෂරය වීම ද්විත්ව අක්ෂර සහිත Domain නාම සකස් වීමට හේතු වේ.

උදාහරණ:

  • doorsshop.com -> (doors + shop)
  • gooddeals.com -> (good + deals)
මෙවැනි Domain නාම type කිරීමේදී වැරදීමට (typo) ඇති ඉඩකඩ වැඩිය. මෙමගින් සමූහය ඔබගේ Domain නාමය වරදවා ගන්නා ඉඩකඩ සහ එයින් ඔබට අහිමිවන පාරිශීලිකයන් ප්‍රමාණය වැඩිවිය හැක.

වැළකිය යුත්තේ ද්විත්ව අක්ෂර පමණක් නොවේ

ද්විත්ව අක්ෂර ගැටළුවට අමතවර යාබද වචන වල අක්ෂර පෙළගැසූ විට එකම අක්ෂරය කිහිපවරක් නැවත නැවත යෙදෙන විශේෂ අවස්ථාද හමුවිය හැක.

උදාහරණ:
  • grassstore.com -> (grass + store)
  • dressshop.com -> (dress + shop)

යා ඉරි hyphens (-) භාවිතයෙන් වළකින්න.

උදාහරණ:
  • top-level-clothing.store
  • no-lies.news

අත්‍යාවශ්‍යම අවස්ථාවලදී පමණක් ඉලක්කම් භාවිත කරන්න.

උදාහරණ:

ඔබගේ ව්‍යාපාර නාමය Elegance Mall 8 නම්,

 

elegancemall8.com ලෙස Domain නාමය යෙදීම මේ කරුණ සැලකූ විට අනිවාර්‍ය වේ. එයට හේතුව ඔබගේ ව්‍යාපාර සන්නාමය (Brand identity) පවත්වාගැනීමේ කෘත්‍යයයි එසේ සන්නාමයට ඉලක්කම් යෙදෙන අවස්ථාවක Domain නාමයටද සන්නාමයේ ලෙසින්ම ඉලක්කම් ඇතුලත්කිරීම අත්‍යාවශ්‍යම වේ.

එපමණක්ද?

Domain නාමයක් තීරණය කිරීමේදී ඔබ සලකා බැලිය යුතු මූලික හා වැදගත් කරුණු මේවාය.

සැලකීමට බඳුන් විය යුතු මදක් සංකීර්ණ කරණා කිහිපයක් ඇත, ඔබ භාවිත කිරීමට අදහස් කරන නාමය දැනටමත් වෙනත් පාර්ශවයක් සතු වෙළඳ ලකුණක්ද (trademark) යන්න සෙවීමට වෙළඳ නාම පිරික්සීමක් (Trademark search), සහ සේවා ගුණාත්මක බවින් උසස් Domain registrar ආයතනයක් තෝරා ගැනීම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

දැනටමත් වෙනත් පාර්ශවයන්ට හිමි වෙළඳ සන්නාම භාවිතා කිරීමෙන් පසු මුහුණ දීමට සිදුවන වන නීතිමය ක්‍රියාමාර්ග, විශාල වන්දි මුදල් ගෙවීම් සහ අනවශ්‍ය පීඩාකාරී ගැටළු වලට ඔබව මැදි වීම වළක්වමින් අපි ඔබගේ සන්නාමයට/ව්‍යාපාරයට ගැළපෙනමම Domain නාමයක් තෝරාගැනීමට සහය දැක්වීමටත්, සහ වෙළඳපොලේ ප්‍රමුඛ පෙළේ Domain registrar ආයතන වලින් ඔබේ Domain නාමය ලියාපදිංචි කිරීමටද අපි ඔබට සහය දක්වන්නෙමු.

ඔබගේ Email inbox එකටම නවතම මාර්ගෝපදේශ, ඉඟි සහ පුවත් ගෙන්වා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න