E-commerce සීඝ්‍ර ලෙස සහ ශක්තිමත් ලෙස ව්‍යාපාර වසරින් වසර වර්ධනය වෙමින් පවතී
2020 සහ 2021 දී ලොව පුරා බොහෝ අගුලු දැමීම් (Lockdown) හේතුවෙන් බොහෝ සමාගම්, වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් හරහා විකිණීම වෙනුවට කෙලින්ම පාරිභෝගිකයින් වෙත E-commerce හරහා භාණ්ඩ හා සේවා සැපයීමට පටන් ගෙන තිබේ.
ඊ-වාණිජ්‍ය (E-commerce) ව්‍යාපාරයක් ගොඩනැගීමේදී වෙළඳ නාමයක් තෝරා ගැනීම, භාණ්ඩ ලැයිස්තු කිරීම සහ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීම ආරම්භ කිරීමට වඩා වැඩි යමක් කිරීමට අවශ්‍ය වේ.
E-commerce පිළිබඳ ගවේෂණය කිරීම සහ හොඳින් දැනුවත් වීම තීරණාත්මක පළමු පියවරයි. ඔබේ ඊ-වාණිජ්‍යය වෙළඳසැල සැකසීමට සහ ඔබ දැනගත යුතු ඉහළම කරුණු ඉගෙන ගැනීමට මෙම ක්ෂණික මාර්ගෝපදේශය භාවිතා කරන්න.
මේ වන විට වෙන කවරදාකටත් වඩා E-commerce ශේෂ්ත්රයේ වැඩි අවස්ථාවන් තිබේ, නමුත් පසුකාලීනව ඔබ ව්‍යාපාරයට පිවිසීමෙන් ආරම්භ කිරීම සහ රඳාපවත්වා ගැනීමට අපහසු විය හැක .
මෙම පියවර අනුගමනය කර ලබාගන්න,
1. වඩා හොඳ දැක්මක්
2. සාර්ථක දියත් කිරීමකට මඟ
3. දිගුකාලීන සමාගමක්
E-commerce වෙබ් අඩවියක් ඔබ සතු විය යුත්තේ ඇයි?
- E-commerce ව්‍යාපාර ප්‍රමාණයෙන් වෙනස් කළ හැකිය (Scalable)
- ක්‍රමයෙන් විකාසයට පැමිණෙන ව්‍යාපාර ක්ෂේත්රයකි
- E-commerce ව්‍යාපාරයක් සමඟ ඔබට නව ආදායම් මාර්ගයක් විවෘත වේ
අනෙක් තරඟකාරී වෙළෙන්දන් මෙන් යම් භාණ්ඩයක් ඔවුන් වෙළදාම් කරන ආකාරයෙන්ම සිඳු නොකරන්න!!
ඔබේ නිෂ්පාදනය වෙනත් තරඟකරුවන්ගෙන් වෙන්කර හඳුනා ගන්න පහසු කරන්න, එමඟින් තරඟකාරීත්වය අඩුකර ගැනීමට සහ ඔබේ ගනුදෙනුකරුවන්ට වටිනාකමක් එක් කිරීමට උපකාරී වේ.
භාණ්ඩ වෙන්කර හඳුන්වාදීම සඳහා මෙම කරුණු සලකා බලන්න,
- බන්ඩල කිරීම (Bundling)
- ප්‍රමාණයෙන් ලොකු කුඩා කිරීම (Sizing)
- මිලකරණය (Pricing)
ඔබට වැඩි විකුණුම් ප්‍රමානයක් ලැබීමට අවශ්‍ය නම් දෘශ්‍ය බව තවත් පුළුල් කළ යුතුය.
අලෙවිකරණ (Marketing) වර්ග දෙකක් තිබේ,
- වෙළඳනාම පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට
- විකුණුම් වැඩි කිරීමට
E-commerce ව්‍යාපාරයක් තුළ හොඳ අලෙවිකරණ සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය වේ.
හොඳම අලෙවිකරණ ප්‍රවේශය සොයා ගන්න, එය මුළුමනින්ම රඳා පවතින්නේ ඔබේ ව්‍යාපාර ස්වභාවය සහ නිෂ්පාදන වල ස්වභාවය මත ය.
- Facebook ads/posts
- Google ads
- Youtube ads
- Influencer marketing
- Blog posts and articles
- Referral Marketing
- Video marketing
ඔබේ පාරිශීලිකයින්, ඔබේ "ඉලක්ක" ගැනුම්කරු.
ඉලක්කගත පාරිශීලිකයින් යනු ඔබේ ව්‍යාපාරය එහි නිෂ්පාදන හෝ සේවාවන් විකිණීමට අදහස් කරන නිශ්චිත පුද්ගලයින් සමූහයකි.
බොහෝ විට, ඉලක්ක ගත කරනු ලබන වෙළඳපල යනු ඔබේ නිෂ්පාදන සැබවින්ම පරිභෝජනය කරන පුද්ගලයින් සමූහයක්ය.
ඔබේ නිෂ්පාදන සහ ව්‍යාපාර උපාය මාර්ග පැහැදිලිව කරගැනීම සඳහා ඔබේ ඉලක්කගත ප්‍රේක්ෂකයින් හඳුනා ගැනීම සහ අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
තවද, එය ඔබට ප්රවණතා තීරණය කිරීමට සහ අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබේ නිෂ්පාදන කළඹ (Product portfolio) සකස් කිරීමට උපකාරී වේ. ඉලක්ක වෙළඳපල අර්ථ දැක්විය හැක්කේ භූගෝලීය, ජන විකාශන සහ චර්යාත්මක අංශ භාවිතා කරමිනි.
"වර්ණ මනෝ විද්‍යාව" (Color psycology) අවබෝධ කරගනිමින් එය ඔබේ E-commerce ව්‍යාපාරය තුළ භාවිතා කරන්න
මිනිසුන් දෘශ්‍ය ජීවීන් ය. මොළයට සම්ප්‍රේෂණය වන තොරතුරු වලින් 90% ක් දෘශ්‍ය වන අතර දෘශ්‍ය තොරතුරු වෙනත් ඕනෑම වර්ගයකට වඩා 60,000 ගුණයකින් වේගයෙන් සකසනු ලැබේ.
ඔබේ E-commerce ව්‍යාපාරය සඳහා ඔබ තෝරා ගන්නා වර්ණ ඔබේ වෙබ් අඩවියේ අමුත්තන්ට සහ ගැනුම්කරුවන්ට සෘජු චිත්තවේගීය බලපෑමක් ඇති කරනු ඇත.
වර්ණ මනෝ විද්‍යාව මිනිස් රටාවන් සහ හැසිරීම් කෙරෙහි බලපෑමක් ඇති කරන අතර තෝරාගන්නා වර්ණ ඔබේ වෙළඳ නාම අනන්‍යතාවය (Brand identity), ඔබේ ලාංඡනය (Logo) සහ ඔබේ අභිප්‍රේරණයන් (Motivations) පිළිබිඹු කළ යුතුය.
වෙබ් අඩවියේ / App එකෙහි ඔබේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන්න, එයින් වැඩි විකුණුම් ලබා ගන්න,
- කතාවක් එක් කරන්න, වෘත්තාන්ත කීම නව මට්ටමකින් ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වීමට උපකාරී වේ
- "කලා අධ්‍යක්ෂණය" කෙරෙහි අවධානය යොමු කරන්න; ඔබේ වෙබ් අඩවිය, නිෂ්පාදන පිටුව (product listing), තනි නිෂ්පාදන පිටුව (single product page) නියෝජනය කරන්නේ කෙසේද, යන කරුණු පිළිබඳව හොඳින් අවධාරණය කරගන්න.
- අනෙක් අයගෙන් වෙන්කර හඳුනාගත හැකි, කැපී පෙනෙන සැලසුම් නිර්මාණයක් (design) තෝරන්න